හතර වරං හැකිං

සිංහලෙන් Tips Tricks & Hacks කියල මුලින් ආපු අපි ඔන්න අලුත් මුහුනුවරකින්..

අපේ ආරක්ෂාව

මොනව කරන්නත් කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න එපැයි.

මොකක්ද මේ Ethical Hacking

Reconnaissance, Scanning, Gaining Access, Maintaining Access, Clearing Tracks

පරිඝණක වෛරස්

Types of Computer Viruses, Infection Strategies, Antivirus Defense Development.

පොඩි පොඩි software කෑලි

අපිට හදිස්සියට වගෙම නිතර නිතර ඕනෙ වෙන software කෑලි නොමිලේම ගන්න.

The Technical Avenue

මේක තමයි අපේ ඉංගිරීසි අඩවිය. ගිහින්ම බලන්න.

Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Thursday, September 6, 2012

යාලුවගෙ keyboard එක පිස්සු වට්ටමුද?



ඔන්න හතර වරං පලවෙනි post එක අරන් ආව. දිග post එකකට එන්න එක පාරට කම්මැලී වගේ. පොඩි fun post එකකින් පටන් ගම්මු.

මෙන්න මෙහෙමයි වැඩේ.





 1. Notepad එකක් දිග ඇරගෙන පහල තියෙන code එක ඒකෙ copy paste කරගන්න.


Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "You are FOOL"
loop


2. දැන් File -> Save as ගිහින් මේක ඔයා කැමති නමක් දීල .VBS extension එකෙන් save කරගන්න. උදා: anyname.vbs

3. දැන් ඉතින් ඕක යාලුවට යවන්න. යවන්න කලින් ඔයාට ඕක executable file එකකට wrap කරල icon එක change කරල යවන්න පුලුවන්නම් වඩාත් සාර්ථකයි. ඒ ටික කරන හැටි ඉස්සරහට වෙන ලිපියකින් කියන්නම්. දැනට ඔහොම යවන්න.

යාලුව ඕක run කරපු ගමන් mouse pointer එක තියෙන හැම text area එකකම අපි දෙන "You Are FOOL" කියන message එක type වෙනව automatically. ඔයාට මේ message එක ඔයාට කැමති විදිහකට වෙනස් කරගන්න පුලුවන්.

හරි. ඔයාට ඕනෙම නම් මේක test කරල බලන්නත් පුලුවන්. හැබැයි වෙන වැදගත් වැඩක් කර කර හිටියනම් ඒව save කරගෙන close කරගෙන ඉන්න test කරන්න කලින්. ඊට පස්සෙ මේක run කරල බලන්න.

කොහොමද ඉතින් මේක නවත්තන්නෙ?

නවත්තන්න නම් ඔයා Windows Task Manager එක open කරගන්න. Windows Task Manager එක open කරගන්න Ctrl+Shift+Esc keys එකවර press කරන්න. ඊටපස්සෙ Process tab එකට යන්න. එතනින් wscript.exe කියන process එක select කරල right click කරල එන menu එකෙන් End Process select කරන්න.

ඔය විදිහට නවත්ත ගන්න අමාරු නම් තව option එකක් තියෙනව. ඒ තමයි පරිඝණකය restart කරන එක.

ජය වේවා. යාලුවගෙන් ගුටි කන ඒවට මම නෑ ඕං.

Wednesday, September 5, 2012

හතර වරං


අෆොයි.. ඔන්න යන්තම් ආයෙත් ආව සිංහලෙන් Tips Tricks & Hacks අරගෙන. හැබැයි ටිකක් අලුත් මුහුණුවරකින් වෙනස් නමකින්. 2010 ඔක්තෝම්බර්  03 වෙනිද මට ආපු mail එකක් දැකල මට හීන් දාඩිය දැම්ම. :O

Hello, Your blog at http://tips-sinhala.blogspot.com/ has been reviewed and confirmed as in violation of our Terms of Service. :/



බ්ලොග් එක remove කරල. විස්තර බලද්දි post වල තිබ්බ virus code ටික තමයි මුල. උන්ට code එක තේරුනාට සිංහල තේරෙන එකක්යැ. කොහොම උනත් වැඩේ පත්තු වෙන්න කලින් මං blog එකේ backup පාරක් දාගෙන තිබ්බෙ. :D මගෙ වැඩවල පිලිවෙල කියන්නෙ ඒ backup එක හොයාගන්නවත් නෑ. :/

ඔය අතරෙ තමයි මං ඉංගිරීසියෙන් The Technical Avenue පටන් ගත්තෙ. පටන් ගත්තට මොකද අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය දාල යන්න දුකයි. English blog එකක් සිංහල බ්ලොග් කියවනයට add කරන්න බෑනෙ. ඒත් ඉතින් දැන දැනමත් මම add කරන්න try පාරක් දැම්ම. ඒත් හරි ගියේ නෑ. ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට තමයි මට හම්බ උනේ සිංහලෙන් Tips, Tricks & Hacks වල backup එක. ඒක දැක්කම මට නිකන් පික්සු වගේ. දඩ බඩ ගාල වැඩේ පටන් ගත්ත. නම වෙනස් කලා. අලුත් නම හතර වරං. යෝජනා කලේ හිරු TV  බලන ගමන් අපේ එකෙක්. The Technical Avenue theme එකම මේකටත් දැම්ම. ඔන්න ඉතින් ආයෙත් සිංහලෙන් වැඩේ පටන් ගත්ත. The Technical Avenue  blog එකත් කරගෙන යනව. ඉතින් සිංහලෙන් Tips, Tricks & Hacks එක්ක එකතු වෙලා හිටපු හැමෝටම යලිත් ආරාධනා..! :)