හතර වරං හැකිං

සිංහලෙන් Tips Tricks & Hacks කියල මුලින් ආපු අපි ඔන්න අලුත් මුහුනුවරකින්..

අපේ ආරක්ෂාව

මොනව කරන්නත් කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න එපැයි.

මොකක්ද මේ Ethical Hacking

Reconnaissance, Scanning, Gaining Access, Maintaining Access, Clearing Tracks

පරිඝණක වෛරස්

Types of Computer Viruses, Infection Strategies, Antivirus Defense Development.

පොඩි පොඩි software කෑලි

අපිට හදිස්සියට වගෙම නිතර නිතර ඕනෙ වෙන software කෑලි නොමිලේම ගන්න.

The Technical Avenue

මේක තමයි අපේ ඉංගිරීසි අඩවිය. ගිහින්ම බලන්න.

Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)
Showing posts with label Tools. Show all posts
Showing posts with label Tools. Show all posts

Friday, November 26, 2010

පුංචිම පුංචි පරිඝණක මෙහෙයුම් පද්ධතිය නොමිලේම download කරගන්න- SliTaz




SliTaz(Simple Light Incredible Temporary Autonomous Zone) කියන්නෙ Linux පාදක පුංචි මෙහෙයුම් පද්ධතියක්. Size එක 30MB. මේක ස්ථාපනය කරන්න අවශ්්‍යය වෙන්නෙ 100MB වගේ ඉඩක් තමයි.




Overview

  • Root filesystem taking up about 100 MB and ISO image of less than 30 MB.
  • Ready to use Web server powered by LightTPD with CGI and PHP support.
  • Browse the Web with Midori or Retawq in text mode.
  • Sound support provided by Alsa mixer, audio player and CD ripper/encoder.
  • Chat, mail and FTP clients.
  • SSH client and server powered by Dropbear.
  • Database engine with SQLite.
  • Generate a LiveUSB device.
  • Tools to create, edit or burn CD or DVD images.
  • Elegant desktop with Openbox running on the top of Xorg/Xvesa (X server).
  • Homemade graphical boxes to command line utilities.
  • 2300 packages easily installable from the mirror.
  • Active and friendly community.



SliTaz official website එකට ගිහින් SliTaz download කරගන්න මෙතන කොටන්න.

Friday, November 19, 2010

ඔයාලට media sharing sites වලින් free download කරගන්න ගිහින් waiting screen එක එපා වෙලාද ඉන්නෙ? එහෙනම් මෙන්න SkipScreen.

ඔයාල දන්නවනෙ ඉතින් Mediafire, Megaupload වගේ media sharing sites වලින් free download කරද්දි අපිට කොච්චර වෙලාවක් waiting screen එකේ චාටර් වෙන්න වෙනවද.
දැන් ඉතින් ඔයාලට ඒ වගේ sites වලින් free download කරද්දි wait වෙන්න ඕනෙ නෑ. මේක firefox extension එකක්. නම තමයි SkipScreen. මේකෙන් media sharing sites වල waiting screen එක skip කරනව.මේ නිසා ඔයාලගෙ කාලය අපතේ යන්නෙත් නෑ.

SkipScreen මෙතනින් බාගන්න.

Wednesday, November 3, 2010

මෙන්න programmer'sලට Programmer's Notepad

හුඟ දවසකින් blog එක පැත්තෙ ආවෙ. blog එකේ පෙනුමත් ටිකක් වෙනස් කලා.

හ්ම්.. දැන් මම දාන්න යන එක හුගදෙනෙක් දන්නව. ඒත් යාලුවෙක් කල ඉල්ලීමක් නිසා මම දැන ගත්ත මේ ගැන නොදන්න පිරිසකුත් ඉන්න බව. ඒ නිසයි මම මේක දාන්නෙ. .

Notepad++ කියන්නෙ නමෙන් කියවෙන විදිහටම Notepad එකක්. හැබැයි නිකම්ම Notepad එකක් නෙමෙයි. අපි type කරන code එකේ syntax highlight වෙනව. ඒ කියන්නෙ මේක source code editor එකක්. මේක programming languages ගනනාවකට supports කරනව.

Notepad++ ඕනෙ නම් මෙතනින් ගන්න

Notepad++ වගේම තවත් notepad එකක් තම්යි Programmer's Notepad කියන්නෙ. මේක Notepad++ වලට වඩා ප්‍රසිද්දියෙන් නම් අඩුයි. මෙතනට ගිහින්ම බලන්න.

Saturday, June 19, 2010

ඔයාගෙ ප්‍රියතම website එකේ අවුලක් තියෙනවද කියල හරියටම දැන ගන්න.


අපි facebook, gmail වගේ site වල ඉද්දි, site එකෙන් කිසිම respond එකක් නැති වෙලා යන වෙලාවල් එනව ඔයාල දැකල ඇති. මේවට හේතුව සමහර විට ඒගොල්ලන්ගෙ මොකක් හරි maintenance process එකක් වෙන්න පුලුවන්. මේවෙලාවට අපි කොහොමද හරියටම හොයාගන්නෙ මේකට හේතුව අපෙ ISPලගෙ ප්‍රශ්ණයක්ද නැත්නම් මං කලින් කිවුව විදිහෙ site එකේ technical process එකක්ද කියල.

මෙන්න ඒකට පිලියමක්: http://downrightnow.com/

Facebook, Gmail විතරක් නෙමෙයි, Blogger, LiveJournal, Windows Live Hotmail, Ning, TypePad, Yahoo! Mail සහ Twitter යන ප්‍රධාන web services වල මොකක් හරි දෝෂයක් තියෙනව නම් මෙතනින් බලාගන්න පුලුවන්.

ඔයාලත් ගිහින්ම බලන්න. මෙතන කොටන්න.

කලබලේට Shift+Delete ගහල අමාරුවෙ වැ‍ටුනද..??


අපි හැමෝම මොකක් හරි delete කරන්න ඕනෙ වුනාම ඕනෙ වෙලාවක ලේසියට පහසුවට කෙලින්ම කරන්නෙ shift+delete ගහල delete කරන එකනෙ. හදිස්සියෙවත් කලබලේට ඕනෙම කරන file එකක් delete වුනොත් අනාථයි නේද..

මෙන්න එහෙම වෙලාවට දෙයියෙක් වගේ software කෑල්ලක්.
මේක තමයි, Stellar Phoenix Windows Data Recovery Software එක.

A Windows Data Recovery software that recovers lost, deleted, and formatted data from NTFS, FAT, and exFAT file system based computers

මේකෙන් නැති වුන Word, Excel, Power Point වගෙ MS Office documents වගෙම photos, audio, video files, emails සහ database files recover කරගන්න පුලුවන්.

ඒ වගෙම hard drive එකේ වගෙම iPods, Memory Cards, external hard drives සහ pen drives වලින් නැති වුන දේවල් recover කරගන්නත් පුලුවන්.

පට්ට software එක. මට නම් දෙයියෙක් වගේ පිහිට වුනා..

official site එකට යන්න මෙතන කොටන්න.


ඔන්න මේව අයුතු ලෙස එහෙම පාවිච්චි කරන්න එපා හොඳේ.. ;)

Saturday, June 12, 2010

ඔන්න ඔයාලත් ඔයාලගෙ Huawei HSDPA modem (E220) එක unlock කරගන්න



මමත් දැන් තමයි දඟලල දඟලල unlock කරගත්තෙ.
මේ post එක දාන්නෙ තාම මං වගේම unlock කරගන්න දඟලන අයටයි.


මුලින්ම මෙන්න මේ ටික ඕනෙ.


1. ඔයාගෙ E220 HSDPA modem එක.
2. මෙන්නමේ software ටික; Firmware E220, Hex Editor, QMAT සහ E220 SimLock Unlock Tool එක. මේ software set එකම මෙතනින් බාගන්න පුලුවන්: DOWNLOAD

E220 Firmware එකේ latest version එක ඕනෙ වෙන්නෙ නෑ. මොකද අපි ඒක යොදාගන්නෙ hardware interface detect කරගන්න විතරයි. Install කරන්න ඕනෙ නෑ.
Hex Editor, QMAT සහ E220 SimLock Unlock Tool එකක්වත් install කරගන්න ඕනෙ මහ ලොකු software නෙමෙයි. කෙලින්ම වැඩේට යොදා ගන්න පුලුවන් පොඩි .exe files.


හරි. දැන් මේ ඔක්කොම ඔයා ලග තියෙනව නම් වැඩේට බහිමු.

1). මුලින්ම ඔයාගෙ E220 USB Modem එකෙන් sim එක අයින් කරල modem එක pc එකේ usb port එකට plug කරන්න.

2). දැන් E220 Firmware එක(UTPS11.002.03.16.03.B266.exe) run කරන්න. එතකොට පහලින් තියෙන window එක ලැබෙයි.















මේකෙ “I accept the agreement" select කරල "Next" කරන්න. එතකොට ඔයාගෙ modem interface එක detect කරගන්න පොඩි process එකක් වෙයි. process එක ඉවර වුනාම පහල window එක ලැබෙයි. (ඔයාගෙ පහල window එක එන්නෙ නැතිව "Retry" කරන්න අවොත් ඒ කියන්නෙ ඔයාගෙ වැඩේ සාර්ථක නෑ. එහෙම වුනොත් ආයෙ modem එක plug කරල Retry කරල බලන්න.)















මෙතනින් ඔයා "Cancel" click කරන්න. ඊට පස්සෙ එන window එක "Yes" click කරන්න. එතනින් ඒ software එකෙන් අයින් වෙයි.

2). දැන් QMAT run කරන්න(qmat.exe). එතකොට පහල window එක එයි.















මේකෙන් උඩ රූපයෙ පෙන්නල තියෙන විදිහට "Forensics" click කරල "Use Com/USB Port" select කරන්න. ඊලඟට මෙහෙම එකක් එයි.



















මේකෙ "Serial Com Port:" කියන තැන drop down list එකෙන් ඔයාල " Firmware Updater" එකෙන් detect කරගත්තු හරි COM interface එක select කරගන්න.
ඊට පස්සෙ "Diag Commands" කියන තැන "Version Info" කියල select කරල "Send Cmd" button එක click කරන්න. එතකොට වැඩේ සාර්ථකයි නම් ඔයාලට පහල window එකේ විදිහට version number එක ලැබෙයි. ඒ එක්කම window එකේ පහල හරියෙන් "Successfully send command" කියල වැටෙයි. මේ වැඩේ අසාර්ථකයි නම් ඔයා බලන්න ඔයා හරි COM intaerface එක select කරලද කියල.



















දැන් "Lets go" button එක ලඟ තියෙන drop down list එකෙන් "Read EFS" select කරල "Lets go" button එක click කරන්න. එතකොට ඔයාට file එකක් save කරන්න window එකක් open වෙයි. ඒකෙන් ඔයා Flash.bin කියල නම දීල කැමති තැනක file එක save කරගන්න. වැඩේ හරි නම් "Successfully read EFS" කියල වැටෙයි. දැන් ඔය QC Com Diag Window එක close කරගන්න. QC Mobile Analysis Tool window එකත් close කරගන්න.

3). "Hex Editor XVI32" folder එක ඇතුලෙ තියෙන "XVI32.exe" file එක run කරල කලින් අපි save කරගත්ත "Flash.bin" file එක මේකෙන් open කරන්න. පහල විදිහට window එකක් ලැබෙයි.















මේකෙ "Search" click කරල "Find" select කරන්න.















මේකෙ පෙන්නල තියෙන විදිහට 53 64 2C 00 කියන Hex string එක search කරන්න. එතකොට result එක පහල විදිහට ලැබෙයි.














මේකෙ දකුණු අත පැත්තෙ window එකේ ඒ හරියෙම තියෙනව ඔයාගෙ modem එකේ 8 digit lock code එක. ඒක හදුනගන්න හරිම ලේසියි. වෙන කිසිම තැනක මේ විදිහෙ එක ලඟ අංක 8ක් නැහැ.

3). දැන් "E220 SimLock Unlocking Tool" folder එක ඇතුලෙ තියෙන "E220 SimLock_UnLock.exe" file එක run කරන්න.
















මේකෙ "Unlock Code(6~8 digits)" කියන තැන ඔයා Hex Editor එකෙන් හොයාගත්තු අංක 8 type කරල "OK" කරන්න.

වැඩේ සාර්ථකයි නම් එච්චරයි..

Tuesday, June 1, 2010

හොර පණිවිඩ රහසේම යවමු

දැන් කාලෙ ඉතින් email ගිණුමක් පරිස්සම් කරගන්න එක හරිම අමාරුයි නොවැ. ඉතින් අපි යවන රහස් පණිවිඩයක් වුනත් අපි ඒක සාමාන්‍ය විදිහට යැවුවොත් අපේ email එකට හොරෙන් ඇතුලුවෙන කෙනාට ලේසියෙන්ම කියවගන්න පුලුවන්.
Comodo Secure කියන්නෙ ලේසියෙන්ම email එකක් encrypt කරල යවන්න පුලුවන්න නොමිලේ සපයන encryption software එකක්.
Comodo Secure software එක භවිතා කරන්නෙ public key encryption algorithm එකයි. ( encryption ගැන නොදන්න අයට මම ඒ ගැන පස්සෙ post එකකින් කතා කරන්නම්. )

මේ software එක run කරන්න පුලුවන් windows 2000, XP, VISTA සහ win 7 යන මෙහෙයුම් පද්ධති ඕනෑම එකක(32 bit , 64 bit).

වැඩි විස්තර හා download කරගැනීම සඳහා Comodo වෙබ් අඩවියට මෙතනින් අතුලු වන්න;
http://www.comodo.com/home/email-security/secure-email.php

Monday, May 31, 2010

මොකක්ද මේ Plagiarism Detection Software කියන්නෙ..???


මං මේ ගැන මුලින්ම අහුවෙ අපේ lecturer කෙනෙක්ගෙන්.. එයා assignment එකක් දීල කියල තිබ්බ net එකෙන් copy කරන්න එපා එයාට හොයාගන්න පුලුවන් කියල. මං බැලුව ඇත්තටම එහෙම හොයන්න පුලුවන් software එකක් තියෙනවද කියල. මෙන්න ඒ වගේ බඩ්ඩක්; Viper, the plagiarism checker

මේකෙන් අපේ document එක scan කලහම වෙන්නෙ, මේකෙන් net එකේ ඒහා සමාන දේවල් net එකේ තියෙනවද බලල එහෙම copy කරපුව අහු වුනොත් ඒව highlight කරනව..

මෙන්න මේ site එකට ගිහින් Viper බා ගන්න: http://www.scanmyessay.com/

දැන් ඉතින් assignment කරද්දි ඒ ගැනත් බලන්න වෙනව..
මේකෙන් බේරෙන්න තියෙන්නෙත් මේකම තමයි.. අපේ document එක අපිම scan කරල highlight වෙන ඒව වෙනස් කරල හැදුව නම් වැඩේ ගොඩ.. හික් හික්..

Sunday, May 30, 2010

ඔයාගෙ desktop එකට එහෙමෙහෙ දුවන පූස් පැටවු ටිකක්..


මේක මං ලඟ තියෙන ලස්සන පොඩි desktop application එකක්. ඔයාගෙ desktop එකට එහෙමෙහෙ දුවන පූස් පැටවු ටිකක් දාගන්න.. ඔයාට කැමති තරමක් දාගන්න පුලුවන්.. මෙතනින් download කරගන්න..

Saturday, May 29, 2010

C program එකක් compile කරන්නෙ කොහොමද??


මගෙ post වල හුඟක් තැන්වලදි "C" programing language එක භාවිතා වුනා.. ඒත් මට පස්සෙ තමයි මතක් වුනේ "C" program එකත් එක්ක වැඩිය ඉන්නෙ නැති කස්ටියට ඒක ප්‍රශ්ණයක් කියල. ඉතින් මං හිතුව C program එකක් compile කරගන්න විදිහ කියල දෙන්න.
මං මෙතනදි භාවිතා කරන compiler එක තමයි Borland C++.



කොහොමද මේක install කරගන්නෙ:

1. මෙතනින් Borland C++ compiler 5.5 එක download කරගන්න.

2. download වුනාම ඒකෙ freecommandlinetools.exe කියල තියෙන file එක run කරන්න.
සාමාන්්‍යයෙන් ඒක install වෙන path එක තමයි; C:\Borland\BCC55

කොහොමද Borland C++ compiler එක configure කරගන්නෙ:

1. Borland C++ compiler එක install කරගත්තට පස්සෙ අලුත් notepad එකක් open කරගෙන පහලින් තියෙන code එක notepad එකට copy paste කරගන්න.

-I”c:\Borland\Bcc55\include”
-L”c:\Borland\Bcc55\lib”

ඒ notepad එක bcc32.cfg කියල save කරගන්න.

2. දැන් තව අලුත් notepad එකක් අරන් පහලින් තියෙන code එක copy paste කරගන්න.

-L”c:\Borland\Bcc55\lib”

ඒ notepad එක ilink32.cfg කියල save කරගන්න.

3. මේ හදාගත්තු file දෙකම C:\Borland\BCC55\Bin එක අතුලට දාගන්න.

දැන් compiler එක හරි. දැන් වැඩේට බහිමු..



කොහොමද C source code එකක්(.c file එකක්) compile කරගන්නෙ..???

1. ඔයාල මුලින්ම compile කරගන්න ඕනෙ .c file එක C:\Borland\BCC55\Bin එකට දාගන්න.

2. දැන් command prompt එකට යන්න. (Start->Run->cmd කියල type කරල enter කරන්න.)

3. C:\Borland\BCC55\Bin කියන path එක ඔයාගෙ present working directory එක විදිහට හදාගන්න. ඒක කරන්න ඔයා command prompt එකේ මෙහෙම type කරල enter කලා නම් හරි;
CD C:\Borland\BCC55\Bin

4. දැන් ඉතින් compile කරන්නයි තියෙන්නෙ. ඒකට bcc32 කියල type කරල space එකක් තියල ඔයාගෙ .c file එකේ නම .c extension එකත් එක්කම type කරල enter කලා නම් හරි.
උදා:
ඔයාගෙ c programe එකේ නම example.c කියල හිතන්න.
එහෙම නම් ඔයා type කරන්න ඕනෙ මෙහෙමයි; bcc32 example.c

5. ඔයාලගෙ source code එකේ error එකක් නැත් නම් ඔයාලට ඒ location එකේම(C:\Borland\BCC55\Bin) ඔයාලගෙ source code එකේ නමින්ම .exe file එකක් හැදෙයි. කලින් කතා කරපු උදාහරනයට අනුව නම් example.exe කියල file එක හැදෙයි.

6. දැන් ඔයා ඔයාගෙ C source code එකෙන් executable file එක සාර්ථකව හදාගෙන ඉවරයි
දැන් ඔයාලට පුලුවන් මගෙ කලින් postවලතියෙන program complie කරගන්න.