Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Saturday, May 29, 2010

C program එකක් compile කරන්නෙ කොහොමද??


මගෙ post වල හුඟක් තැන්වලදි "C" programing language එක භාවිතා වුනා.. ඒත් මට පස්සෙ තමයි මතක් වුනේ "C" program එකත් එක්ක වැඩිය ඉන්නෙ නැති කස්ටියට ඒක ප්‍රශ්ණයක් කියල. ඉතින් මං හිතුව C program එකක් compile කරගන්න විදිහ කියල දෙන්න.
මං මෙතනදි භාවිතා කරන compiler එක තමයි Borland C++.



කොහොමද මේක install කරගන්නෙ:

1. මෙතනින් Borland C++ compiler 5.5 එක download කරගන්න.

2. download වුනාම ඒකෙ freecommandlinetools.exe කියල තියෙන file එක run කරන්න.
සාමාන්්‍යයෙන් ඒක install වෙන path එක තමයි; C:\Borland\BCC55

කොහොමද Borland C++ compiler එක configure කරගන්නෙ:

1. Borland C++ compiler එක install කරගත්තට පස්සෙ අලුත් notepad එකක් open කරගෙන පහලින් තියෙන code එක notepad එකට copy paste කරගන්න.

-I”c:\Borland\Bcc55\include”
-L”c:\Borland\Bcc55\lib”

ඒ notepad එක bcc32.cfg කියල save කරගන්න.

2. දැන් තව අලුත් notepad එකක් අරන් පහලින් තියෙන code එක copy paste කරගන්න.

-L”c:\Borland\Bcc55\lib”

ඒ notepad එක ilink32.cfg කියල save කරගන්න.

3. මේ හදාගත්තු file දෙකම C:\Borland\BCC55\Bin එක අතුලට දාගන්න.

දැන් compiler එක හරි. දැන් වැඩේට බහිමු..



කොහොමද C source code එකක්(.c file එකක්) compile කරගන්නෙ..???

1. ඔයාල මුලින්ම compile කරගන්න ඕනෙ .c file එක C:\Borland\BCC55\Bin එකට දාගන්න.

2. දැන් command prompt එකට යන්න. (Start->Run->cmd කියල type කරල enter කරන්න.)

3. C:\Borland\BCC55\Bin කියන path එක ඔයාගෙ present working directory එක විදිහට හදාගන්න. ඒක කරන්න ඔයා command prompt එකේ මෙහෙම type කරල enter කලා නම් හරි;
CD C:\Borland\BCC55\Bin

4. දැන් ඉතින් compile කරන්නයි තියෙන්නෙ. ඒකට bcc32 කියල type කරල space එකක් තියල ඔයාගෙ .c file එකේ නම .c extension එකත් එක්කම type කරල enter කලා නම් හරි.
උදා:
ඔයාගෙ c programe එකේ නම example.c කියල හිතන්න.
එහෙම නම් ඔයා type කරන්න ඕනෙ මෙහෙමයි; bcc32 example.c

5. ඔයාලගෙ source code එකේ error එකක් නැත් නම් ඔයාලට ඒ location එකේම(C:\Borland\BCC55\Bin) ඔයාලගෙ source code එකේ නමින්ම .exe file එකක් හැදෙයි. කලින් කතා කරපු උදාහරනයට අනුව නම් example.exe කියල file එක හැදෙයි.

6. දැන් ඔයා ඔයාගෙ C source code එකෙන් executable file එක සාර්ථකව හදාගෙන ඉවරයි
දැන් ඔයාලට පුලුවන් මගෙ කලින් postවලතියෙන program complie කරගන්න.

No comments:

Post a Comment