හතර වරං හැකිං

සිංහලෙන් Tips Tricks & Hacks කියල මුලින් ආපු අපි ඔන්න අලුත් මුහුනුවරකින්..

අපේ ආරක්ෂාව

මොනව කරන්නත් කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න එපැයි.

මොකක්ද මේ Ethical Hacking

Reconnaissance, Scanning, Gaining Access, Maintaining Access, Clearing Tracks

පරිඝණක වෛරස්

Types of Computer Viruses, Infection Strategies, Antivirus Defense Development.

පොඩි පොඩි software කෑලි

අපිට හදිස්සියට වගෙම නිතර නිතර ඕනෙ වෙන software කෑලි නොමිලේම ගන්න.

The Technical Avenue

මේක තමයි අපේ ඉංගිරීසි අඩවිය. ගිහින්ම බලන්න.

Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Friday, November 26, 2010

පුංචිම පුංචි පරිඝණක මෙහෙයුම් පද්ධතිය නොමිලේම download කරගන්න- SliTaz




SliTaz(Simple Light Incredible Temporary Autonomous Zone) කියන්නෙ Linux පාදක පුංචි මෙහෙයුම් පද්ධතියක්. Size එක 30MB. මේක ස්ථාපනය කරන්න අවශ්්‍යය වෙන්නෙ 100MB වගේ ඉඩක් තමයි.




Overview

  • Root filesystem taking up about 100 MB and ISO image of less than 30 MB.
  • Ready to use Web server powered by LightTPD with CGI and PHP support.
  • Browse the Web with Midori or Retawq in text mode.
  • Sound support provided by Alsa mixer, audio player and CD ripper/encoder.
  • Chat, mail and FTP clients.
  • SSH client and server powered by Dropbear.
  • Database engine with SQLite.
  • Generate a LiveUSB device.
  • Tools to create, edit or burn CD or DVD images.
  • Elegant desktop with Openbox running on the top of Xorg/Xvesa (X server).
  • Homemade graphical boxes to command line utilities.
  • 2300 packages easily installable from the mirror.
  • Active and friendly community.



SliTaz official website එකට ගිහින් SliTaz download කරගන්න මෙතන කොටන්න.

Friday, November 19, 2010

Adware වලින් ඈත්වෙලා ඉන්න tips 10ක්


Adware, malware, spyware සහ viruses කියන්නෙ හරිම කරදර ගොඩක්. computer එකේ performance බහින්නෙ බලාගෙන ඉද්දි. දැන් මේ කියන්න යන්නෙ මේ කරදර කාරයන්ගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න විදිහයි. අපේ හුඟක් අය මේව දන්නව. මීටත් වඩා දන්නව. මේ නොදන්න අයටයි.

1. Firefox use කරන්න.
Internet Explorer කියන්නෙ market එකේ තියෙන ජනප්‍රියම browser එක. ඉතින් virus සහ Adware හදන කට්ටිය මුලින්ම target කරන්නෙ Internet Explorer. එයාල දන්නව ඒ හරහා තමයි එයාලට හොඳම ප්‍රතිපලයක් ලැබෙන්නෙ කියල. ඒ නිසා firefox වලට මාරු වීම තුලින් සමහරක් adware වලින් වැලකී ඉන්න පුලුවන්. (හැබැයි firefox වලත් අඩුපාඩු නැතිවම නෙමෙයි.)

2. ඔයාගෙ PC එක සතියකට පාරක් වත් scan කරන්න.
බොහෝ විට අපි නොදැනුවත්වම අපේ pc එකට හොරෙන් ඇතුලු වෙලා තියෙන adwares තියෙන්න පුලුවන්. එයාල එයාලගෙ program එක ස්ථාපනය කරල run වෙමින් පවතින්න පුලුවන්. මේ වගේ bugs අයින් කරන්න නම් සතියකට පාරක් වත් scan කරන්න.

3. දන්න කියන site වලින්ම download කරගන්න ඒව කරගන්න.
බොහොමයක් අපිට අලුතින් හම්බ වෙන site වල ඔයාල දැකල ඇති ඒකට ගිය වෙලේ ඉඳන් pop-ups ඇවිත් පිස්සු කෙලිනව. ඔයාලට මේ වගේ site එකකට යන්න වුනොත් හරි මොකක් හරි download කරගන්නම වුනොත් හරි scan පාරක් දාල බලන්න.

4. Ad-aware install කරගන්න.
Ad-aware කියන්නෙ හුගක් ජනප්‍රිය adwre removal program එකක්.

5. නොදන්න e-mail එක්ක එන links click නොකර ඉන්න.
ඔයාලගෙ e-mail එකට නිතර මේවගේ mails එනව ඇති. Offers කියයි අරව කියයි මේව කියයි..
මේ තියෙන්නෙ ඔයවගේ එකක්.



















ඕවා click කරන්න එපා.

6. Install Antivirus/ Internet Security Software.
Antivirus program එකක් සහ adware protection program එකක් යන දෙකම install කරල තියාගන්න එක තමයි හොඳම විසඳුම.

7. එක එක toolbars install කරන්න යන්න එපා.
මේ හුඟක් toolbars වලින් ඔයාල surf කරන්නෙ මොන වගේ දේවල්ද කියල හොයල බලන එකයි කරන්නෙ. ඒ වගෙම system එකත් slow වෙනව.

8. ඔයාලගෙ task manager එකත් පොඩ්ඩක් බලන්න.
ඔයාට හිතෙනව නම් මොකක් හරි program එකක් නිතර run වෙනවයි කියල task manager එක open කරල බලන්න. දැනට pc එකේ run වෙන programs & processes මෙතනින් බලාගන්න පුලුවන්. එහෙම දෙයක් තියෙනව නම් ඒ process එක end කරල ඒක අයින් කරන්න හොඳම ක්‍රමයක් web search කරල හොයාගන්න පුලුවන්.

9. Popups click කරන්න එපා.
ඔයාල ඕනෙතරම් දැකල ඇති සමහර websites වලට ගිය වෙලේ ඉඳන් මේ වගේ popups lot එකක් එනව. මේව click කරනවයි කියන්නෙ virus, adware වලට දොර ඇරල පිලිගන්නව වගේ වැඩක් තමයි.

10. අනතුරුදායකයි කියල හිතෙන site එකක් නම් නොයාම ඉන්න.
ඔයාලට ඒ site එකට යද්දි internet security program එකෙන් warnings එනවනම් ඒවට නොයා ඉන්නව වගෙම හුගක් site වල layout එක දැක්ක ගමන් හිතෙනව මේක එච්චර sure නැති එකක් කියල. ඒවට නොයන තරමට තමයි හොඳ.

ඔයාලට media sharing sites වලින් free download කරගන්න ගිහින් waiting screen එක එපා වෙලාද ඉන්නෙ? එහෙනම් මෙන්න SkipScreen.

ඔයාල දන්නවනෙ ඉතින් Mediafire, Megaupload වගේ media sharing sites වලින් free download කරද්දි අපිට කොච්චර වෙලාවක් waiting screen එකේ චාටර් වෙන්න වෙනවද.
දැන් ඉතින් ඔයාලට ඒ වගේ sites වලින් free download කරද්දි wait වෙන්න ඕනෙ නෑ. මේක firefox extension එකක්. නම තමයි SkipScreen. මේකෙන් media sharing sites වල waiting screen එක skip කරනව.මේ නිසා ඔයාලගෙ කාලය අපතේ යන්නෙත් නෑ.

SkipScreen මෙතනින් බාගන්න.

පුලුවන් නම් හදන්න "con" කියල folder එකක්


ඔයාල folder එකක් හදල "con" කියල rename කරන්න බලන්න. පුලුවන්ද..?
ඇත්තටම එහෙම කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාලට “con”, “prn”, “nul” , “com1″ “com2″, “lpt1″ වගේ නම් එකකින් වත් folders හදන්න බෑ. (හදන්න බෑ කිවුවට හදන හැටි පෙන්නන්නම්)

ඇයි හදන්න බැරි..?
ඔයාල ඒ නමකින් folder එකක් හදන්න යද්දි Win XP වල නම් ඒක automatically NewFolder කියලයි save වෙන්නෙ. win Vista/7 නම් error msg එකක් එයි “The specified device name is invalid” කියල.

ඒකට හේතුව ඔය නම් වලින් internal devices represent කරනව.
උදා:
CON -CONsole
PRN -PRiNter
NUL - NULL
COM1 to COM9 - COMmunication ports
LPT1 to LPT9 - Line PrinTer ports

ඒ හේතුවෙන් ඒ නමින් folders හදන්න දෙන්නෙ නෑ.

මම කලින් කිවුවනෙ බෑ කිවුවට හදන විදිහත් කියල දෙනව කියල. හදන්න ඕනෙම නම් හදන්නෙ මෙහෙමයි.

1. Command Prompt එක ගන්න.
2. මේ විදිහට type කරන්න.
ඔයාට D drive එකේ con කියල folder එකක් හදන්න ඕනෙයි කියල හිතන්න..
එහෙනම් මේ විදිහට type කරන්න.

C:\>md \\.\d:\con

(මේ විදිහට ඔයාට d වෙනුවට කැමති drive letter එකක් දීල "con" වෙනුවට “prn”, “nul”, “com1″, “com2″, “lpt1″ වගේ කැමති නමක් දීල folder එක හදා ගන්න පුලුවන්.)

මේ හදාගත්ත එක delete කරන්නෙ කොහොමද. නිකන් shift+delete ගහල delete වෙනවද බලන්න.
එහෙම කරන්න බෑ.
delete කරන්නත් command prompt එක use කරන්න වෙනව.
command prompt එක අරන් මෙහෙම type කරන්න.

C:\>rd \\.\e:\con

GoodLuck

Wednesday, November 3, 2010

මෙන්න programmer'sලට Programmer's Notepad

හුඟ දවසකින් blog එක පැත්තෙ ආවෙ. blog එකේ පෙනුමත් ටිකක් වෙනස් කලා.

හ්ම්.. දැන් මම දාන්න යන එක හුගදෙනෙක් දන්නව. ඒත් යාලුවෙක් කල ඉල්ලීමක් නිසා මම දැන ගත්ත මේ ගැන නොදන්න පිරිසකුත් ඉන්න බව. ඒ නිසයි මම මේක දාන්නෙ. .

Notepad++ කියන්නෙ නමෙන් කියවෙන විදිහටම Notepad එකක්. හැබැයි නිකම්ම Notepad එකක් නෙමෙයි. අපි type කරන code එකේ syntax highlight වෙනව. ඒ කියන්නෙ මේක source code editor එකක්. මේක programming languages ගනනාවකට supports කරනව.

Notepad++ ඕනෙ නම් මෙතනින් ගන්න

Notepad++ වගේම තවත් notepad එකක් තම්යි Programmer's Notepad කියන්නෙ. මේක Notepad++ වලට වඩා ප්‍රසිද්දියෙන් නම් අඩුයි. මෙතනට ගිහින්ම බලන්න.