හතර වරං හැකිං

සිංහලෙන් Tips Tricks & Hacks කියල මුලින් ආපු අපි ඔන්න අලුත් මුහුනුවරකින්..

අපේ ආරක්ෂාව

මොනව කරන්නත් කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න එපැයි.

මොකක්ද මේ Ethical Hacking

Reconnaissance, Scanning, Gaining Access, Maintaining Access, Clearing Tracks

පරිඝණක වෛරස්

Types of Computer Viruses, Infection Strategies, Antivirus Defense Development.

පොඩි පොඩි software කෑලි

අපිට හදිස්සියට වගෙම නිතර නිතර ඕනෙ වෙන software කෑලි නොමිලේම ගන්න.

The Technical Avenue

මේක තමයි අපේ ඉංගිරීසි අඩවිය. ගිහින්ම බලන්න.

Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)
Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Friday, November 19, 2010

Adware වලින් ඈත්වෙලා ඉන්න tips 10ක්


Adware, malware, spyware සහ viruses කියන්නෙ හරිම කරදර ගොඩක්. computer එකේ performance බහින්නෙ බලාගෙන ඉද්දි. දැන් මේ කියන්න යන්නෙ මේ කරදර කාරයන්ගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න විදිහයි. අපේ හුඟක් අය මේව දන්නව. මීටත් වඩා දන්නව. මේ නොදන්න අයටයි.

1. Firefox use කරන්න.
Internet Explorer කියන්නෙ market එකේ තියෙන ජනප්‍රියම browser එක. ඉතින් virus සහ Adware හදන කට්ටිය මුලින්ම target කරන්නෙ Internet Explorer. එයාල දන්නව ඒ හරහා තමයි එයාලට හොඳම ප්‍රතිපලයක් ලැබෙන්නෙ කියල. ඒ නිසා firefox වලට මාරු වීම තුලින් සමහරක් adware වලින් වැලකී ඉන්න පුලුවන්. (හැබැයි firefox වලත් අඩුපාඩු නැතිවම නෙමෙයි.)

2. ඔයාගෙ PC එක සතියකට පාරක් වත් scan කරන්න.
බොහෝ විට අපි නොදැනුවත්වම අපේ pc එකට හොරෙන් ඇතුලු වෙලා තියෙන adwares තියෙන්න පුලුවන්. එයාල එයාලගෙ program එක ස්ථාපනය කරල run වෙමින් පවතින්න පුලුවන්. මේ වගේ bugs අයින් කරන්න නම් සතියකට පාරක් වත් scan කරන්න.

3. දන්න කියන site වලින්ම download කරගන්න ඒව කරගන්න.
බොහොමයක් අපිට අලුතින් හම්බ වෙන site වල ඔයාල දැකල ඇති ඒකට ගිය වෙලේ ඉඳන් pop-ups ඇවිත් පිස්සු කෙලිනව. ඔයාලට මේ වගේ site එකකට යන්න වුනොත් හරි මොකක් හරි download කරගන්නම වුනොත් හරි scan පාරක් දාල බලන්න.

4. Ad-aware install කරගන්න.
Ad-aware කියන්නෙ හුගක් ජනප්‍රිය adwre removal program එකක්.

5. නොදන්න e-mail එක්ක එන links click නොකර ඉන්න.
ඔයාලගෙ e-mail එකට නිතර මේවගේ mails එනව ඇති. Offers කියයි අරව කියයි මේව කියයි..
මේ තියෙන්නෙ ඔයවගේ එකක්.



















ඕවා click කරන්න එපා.

6. Install Antivirus/ Internet Security Software.
Antivirus program එකක් සහ adware protection program එකක් යන දෙකම install කරල තියාගන්න එක තමයි හොඳම විසඳුම.

7. එක එක toolbars install කරන්න යන්න එපා.
මේ හුඟක් toolbars වලින් ඔයාල surf කරන්නෙ මොන වගේ දේවල්ද කියල හොයල බලන එකයි කරන්නෙ. ඒ වගෙම system එකත් slow වෙනව.

8. ඔයාලගෙ task manager එකත් පොඩ්ඩක් බලන්න.
ඔයාට හිතෙනව නම් මොකක් හරි program එකක් නිතර run වෙනවයි කියල task manager එක open කරල බලන්න. දැනට pc එකේ run වෙන programs & processes මෙතනින් බලාගන්න පුලුවන්. එහෙම දෙයක් තියෙනව නම් ඒ process එක end කරල ඒක අයින් කරන්න හොඳම ක්‍රමයක් web search කරල හොයාගන්න පුලුවන්.

9. Popups click කරන්න එපා.
ඔයාල ඕනෙතරම් දැකල ඇති සමහර websites වලට ගිය වෙලේ ඉඳන් මේ වගේ popups lot එකක් එනව. මේව click කරනවයි කියන්නෙ virus, adware වලට දොර ඇරල පිලිගන්නව වගේ වැඩක් තමයි.

10. අනතුරුදායකයි කියල හිතෙන site එකක් නම් නොයාම ඉන්න.
ඔයාලට ඒ site එකට යද්දි internet security program එකෙන් warnings එනවනම් ඒවට නොයා ඉන්නව වගෙම හුගක් site වල layout එක දැක්ක ගමන් හිතෙනව මේක එච්චර sure නැති එකක් කියල. ඒවට නොයන තරමට තමයි හොඳ.

ඔයාලට media sharing sites වලින් free download කරගන්න ගිහින් waiting screen එක එපා වෙලාද ඉන්නෙ? එහෙනම් මෙන්න SkipScreen.

ඔයාල දන්නවනෙ ඉතින් Mediafire, Megaupload වගේ media sharing sites වලින් free download කරද්දි අපිට කොච්චර වෙලාවක් waiting screen එකේ චාටර් වෙන්න වෙනවද.
දැන් ඉතින් ඔයාලට ඒ වගේ sites වලින් free download කරද්දි wait වෙන්න ඕනෙ නෑ. මේක firefox extension එකක්. නම තමයි SkipScreen. මේකෙන් media sharing sites වල waiting screen එක skip කරනව.මේ නිසා ඔයාලගෙ කාලය අපතේ යන්නෙත් නෑ.

SkipScreen මෙතනින් බාගන්න.

Saturday, June 19, 2010

ඔයාගෙ ප්‍රියතම website එකේ අවුලක් තියෙනවද කියල හරියටම දැන ගන්න.


අපි facebook, gmail වගේ site වල ඉද්දි, site එකෙන් කිසිම respond එකක් නැති වෙලා යන වෙලාවල් එනව ඔයාල දැකල ඇති. මේවට හේතුව සමහර විට ඒගොල්ලන්ගෙ මොකක් හරි maintenance process එකක් වෙන්න පුලුවන්. මේවෙලාවට අපි කොහොමද හරියටම හොයාගන්නෙ මේකට හේතුව අපෙ ISPලගෙ ප්‍රශ්ණයක්ද නැත්නම් මං කලින් කිවුව විදිහෙ site එකේ technical process එකක්ද කියල.

මෙන්න ඒකට පිලියමක්: http://downrightnow.com/

Facebook, Gmail විතරක් නෙමෙයි, Blogger, LiveJournal, Windows Live Hotmail, Ning, TypePad, Yahoo! Mail සහ Twitter යන ප්‍රධාන web services වල මොකක් හරි දෝෂයක් තියෙනව නම් මෙතනින් බලාගන්න පුලුවන්.

ඔයාලත් ගිහින්ම බලන්න. මෙතන කොටන්න.

Thursday, June 3, 2010

යාලුව හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න ඕනෙද..??


මේ මම කියන්න යන්නෙ පට්ට ආතල් website එකක් ගැන.. ඔයාගෙ යාලුව ඔයාටත් නොකිය හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න පුලුවන් පට්ට site එකක්.

ඔයාට තියෙන්නෙ මේ site එකට ගිහින් >> CLICK HERE TO GET STARTED IN 2 MINUTES << කියන එක click කරන්න.
එතකොට ඔයාගෙ විස්තර පුරවන්න පොඩි form කෑල්ලක් එනව.
මේ විස්තර පුරවල ඉවර වෙලා ඔයා "Create Link" කියල තියෙන button එක click කරන්න.

එතකොට ඒගොල්ලො ඔයාට link එකක් දෙනව.

දැන් වැඩේ ලෑස්තියි.
ඔයාට ඕනෙ නම් ඒ link එකට ගිහින් බලන්න. ඒකෙ තියෙන්නෙ love calculator එකක්. හැබැයි වැඩේ කියන්නෙ මෙතන type කරන හැම නමක්ම ඔයා register වෙද්දි දුන්න email එකට mail එකක් විදිහට send කරනව.
ඔයාට ඕනෙනම් test පාරක් දාලම ඉන්න.

දැන් තේරෙනවනෙ ඊටපස්සෙ කරන්න ඕනෙ වැඩේ..
ඔයාට කරන්න තියෙන්නෙ පට්ට love calculator එකක් තියෙනව කියල යාලුවට යවන එකයි. යාලුව ඕකෙ විස්තරේ type කරල "Click to find out" button එක click කරපු හැටියෙ ඔයාගෙ mail එකට බඩු එනව.

හරියටම තේරුනෙ නැත්නම් site එකට ගිහින්ම බලන්න. එකෙ විස්තර ඇතුව කියල තියෙනව.

මෙන්න link එක; http://www.crushbits.com/

(site එකේම කියල තියෙනව ඔයාට ඕනෙ නම් ඔයාගෙ ආදරවන්තයට මේක යවල එයාගෙ හොර අල්ලන්නත් පුලුවන් කියල... හික් හික්.. හැබැයි පවුල් කඩාකප්පල් වෙන ඒවට මම වග කියනු නොලැබේ..)