Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Friday, November 19, 2010

පුලුවන් නම් හදන්න "con" කියල folder එකක්


ඔයාල folder එකක් හදල "con" කියල rename කරන්න බලන්න. පුලුවන්ද..?
ඇත්තටම එහෙම කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාලට “con”, “prn”, “nul” , “com1″ “com2″, “lpt1″ වගේ නම් එකකින් වත් folders හදන්න බෑ. (හදන්න බෑ කිවුවට හදන හැටි පෙන්නන්නම්)

ඇයි හදන්න බැරි..?
ඔයාල ඒ නමකින් folder එකක් හදන්න යද්දි Win XP වල නම් ඒක automatically NewFolder කියලයි save වෙන්නෙ. win Vista/7 නම් error msg එකක් එයි “The specified device name is invalid” කියල.

ඒකට හේතුව ඔය නම් වලින් internal devices represent කරනව.
උදා:
CON -CONsole
PRN -PRiNter
NUL - NULL
COM1 to COM9 - COMmunication ports
LPT1 to LPT9 - Line PrinTer ports

ඒ හේතුවෙන් ඒ නමින් folders හදන්න දෙන්නෙ නෑ.

මම කලින් කිවුවනෙ බෑ කිවුවට හදන විදිහත් කියල දෙනව කියල. හදන්න ඕනෙම නම් හදන්නෙ මෙහෙමයි.

1. Command Prompt එක ගන්න.
2. මේ විදිහට type කරන්න.
ඔයාට D drive එකේ con කියල folder එකක් හදන්න ඕනෙයි කියල හිතන්න..
එහෙනම් මේ විදිහට type කරන්න.

C:\>md \\.\d:\con

(මේ විදිහට ඔයාට d වෙනුවට කැමති drive letter එකක් දීල "con" වෙනුවට “prn”, “nul”, “com1″, “com2″, “lpt1″ වගේ කැමති නමක් දීල folder එක හදා ගන්න පුලුවන්.)

මේ හදාගත්ත එක delete කරන්නෙ කොහොමද. නිකන් shift+delete ගහල delete වෙනවද බලන්න.
එහෙම කරන්න බෑ.
delete කරන්නත් command prompt එක use කරන්න වෙනව.
command prompt එක අරන් මෙහෙම type කරන්න.

C:\>rd \\.\e:\con

GoodLuck

No comments:

Post a Comment