Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Saturday, April 17, 2010

කිසිම software එකක් use කරන්නෙ නැතුව Folder එකකට password එකක් දාගන්න විදිහක් තමයි මේ.. (මේක දන්න අය නම් ගොඩක් ඇති.. හැබැයි මේ කියල දෙන්නෙ නොදන්න අයට..)


1. ඔයාට password එකක් දාගන්න ඕනි folder එක උඩ right click කරල, "Send To" option එකේ "Compressed (zipped) Folder" click කරන්න.
**වැදගත්: Folder එක Empty වෙන්න බෑ..

2. දැන් අලුතින්, කලින් folder එකේ නමින්ම "compressed zipped folder" එකක් හැදෙයි.

3. මේ අලුතින් හැදුනු "compressed zipped folder" එක උඩ double click කරන්න.
ඔයලට පෙනෙයි ඔයලගෙ orginal folder එක මේක ඇතුලෙ තියෙනව.

4. දැන් උඩ වම් කෙලවරේ තියෙන "File" menu එකට ගිහින් "Add a password" option එක click කරන්න.

5. දැන් එතන ඔයාල කැමති password එකක් දෙන්න.

**වැදගත්: ඔයාලගෙ original folder එක delete කරන්න.

**ඔයලාට ඕන්නම් මේ file එක hide කරගන්න,
මේ file එක උඩ right click කරල "Properties" select කරල,
යටින් තියෙන "Hidden" option එක select කරල OK කරන්න.
ආයෙ ඔයලට visible කරගන්න ඔනෙ උනාම,
1. My Computer -> Tools -> Folder Options ගිහින් (Windows 7 වල නම් My Computer -> Organize -> Folder and search options ගිහින්),
"View" tab එක click කරන්න.

2. එකෙ එන list එකෙන් Hidden files and folders යටතෙ තියෙන "Show hidden files and folders" select කරන්න. (ආයෙ invisible කරගන්න ඔනෙ නම් මෙතනින් "Do not show hidden files and folders" select කරන්න)

No comments:

Post a Comment